තරුණ පරපුරට නව ජවයක් එක්කරමින් SYU YOUTH SUMMIT – PATHADUMBARA නොවැම්බර් 01දා
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4
තරුණ නායකත්වය, දැනුම, එකමුතුකම සහ අනාගත දැක්ම ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන “SYU Youth Summit – Pathadumbara” වැඩසටහන නොවැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිතය.
තරුණ තරුණියන්ට එකිනෙකා හඳුනාගැනීමට, අදහස් හුවමාරු කරගැනීමට, නව දැනුම හා අත්දැකීම් ලබාගැනීමට මෙන්ම අනාගත අභියෝග ජයගැනීම සඳහා අවශ්ය ධනාත්මක ආකල්ප සහ නායකත්ව හැකියාවන් වර්ධනය කරගැනීමට මෙම සමුළුව තුළින් අවස්ථාව සැලසීම අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහන නොවැම්බර් 01 වන දින පෙරවරු 9.30ට මඩවල මදීනා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරුණ පරපුරේ ශක්තිය, නිර්මාණශීලීත්වය සහ සාමූහිකත්වය තුළින් වඩාත් යහපත් අනාගතයක් ගොඩනැගීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා සහභාගී වන ලෙස සියලු තරුණ තරුණියන්ට සහ උනන්දුවක් දක්වන පිරිස් වෙත සංවිධායකයෝ ආරාධනා කරති.
තරුණ පරපුර සවිබල ගන්වමු! එකමුතුවෙන් දීප්තිමත් අනාගතයක් ගොඩනගමු!
පුවත් වාර්තාව: මාධ්යවේදී කේ.වි.එම්.එෆ්.එච්. ෆාසිල් – මහනුවර
BBC Mirror Media | Asia News Plus One | SFM News | Lanka Web News | Ceylon Web News
www.bbcmirror.lk
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.lankawebnews.lk
www.ceylonnewsmedia.com

