ලෝක ශූර රුමේෂ් තරංගට ස්වීඩනයෙන් විශේෂ හෙල්ල පහක් – ජාත්‍යන්තර තරග ඉලක්ක කර නව සූදානමක්!
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ක්‍රීඩා දිවියට තවත් ශක්තියක් එක් කරමින්, ස්වීඩනයෙන් විශේෂයෙන් නිෂ්පාදනය කර ආනයනය කරන ලද හෙල්ල පහකින් යුත් කට්ටලයක් ඔහු වෙත ලබාදීමට යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
තරග පුහුණුවීම් සහ ජාත්‍යන්තර තරග සඳහා භාවිත කළ පැරණි හෙල්ලය හානිවීම හේතුවෙන් ඇති වූ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ඔහුගේ ඉදිරි ක්‍රීඩා සූදානමට සහාය වීමේ අරමුණින් මෙම නව උපකරණ ගෙන්වා ඇත.
අදාළ හෙල්ල කට්ටලය නිල වශයෙන් රුමේෂ් තරංග වෙත භාරදීම අද (16) සිදු වූ අතර, එම අවස්ථාවට ඔහුගේ පියා සහ පුහුණුකරු ටෝනි ප්‍රසන්න ද එක්ව සිටියේය. යෞවන හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් එස්. අචුතන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම භාරදීම සිදු කෙරිණි.
ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්විය හැකි ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය නවීන ක්‍රීඩා උපකරණ සහ පහසුකම් සලසා දෙමින් ඔවුන්ගේ උපරිම දක්ෂතා ජාත්‍යන්තර වේදිකාවට ගෙන යාම අමාත්‍යාංශයේ ප්රමුඛ අරමුණක් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ රුමේෂ් තරංග කියා සිටියේ, ඉදිරි වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් සඳහා නව බලාපොරොත්තුවක් සහිතව සූදානම් වීමට මෙම උපකරණ ලැබීම මහත් ශක්තියක් වන බවයි.
දක්ෂතාවට නිසි පහසුකම් සහ අවස්ථාවන් එක්වූ විට ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
www.bbcmirror.lk | www.lankawebnews.lk

