අක්වාන් සුළි කුණාටුව හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට නිවේදනයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අක්වාන් සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ඇතිවිය හැකි තද සුළං සහ රළු මුහුදු තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර හා නාවික ප්‍රජාව වෙත රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අක්වාන් සුළි කුණාටුව හමුවේ මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දෙයි

ශ්‍රී ලංකාවට ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට ආසන්න නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක් බවට පත්වීම මෙම අනතුරු ඇඟවීමට හේතු වී ඇත.

‘අක්වාන්’ ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව ඊයේ (16) පස්වරු 5.30 වන විට උතුරු අක්ෂාංශ 12.2° සහ නැගෙනහිර දේශාංශ 85.7° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *