මත්ද්‍රව්‍ය නිවාරණයේදී වගකීම් සහගත මාධ්‍ය වාර්තාකරණයක් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ පුහුණු වැඩ සටහනක් කොළඹදී

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

මාධ්‍යවේදී

කොලින් හරිශ්චන්ද්‍ර

මත්ද්‍රව්‍ය උවදුරෙන් තොර සුරක්ෂිත සමාජයක් ගොඩ නැගීමේ ජාතික මෙහෙවර ශක්තිමතේ කිරීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් හා තොරතුරු වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් විසින් අනුගමනය කළ යුතු වෘත්තීය ආචාරධර්ම වගකීම් සහ සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක් (19) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කොළඹ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ හා නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ තමර දර්ශන මහතා, පුනරුත්තාපන කාර්යාංශයේ ලුතිනල් කර්නර් රුවන් විතානගේ, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී කසුන් වීරතුංග ඇතුළු වෘත්තීය මාධ්‍යවේදීන් පිරිසක් සහභාගී විය. වැඩසටහන මෙහෙයවීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රධානි මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරී චාමර කරුණාරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.

මත්ද්‍රව්‍ය සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කිරීම, සංවේදී තොරතුරු වගකීම් සහගතව ඉදිරිපත් කිරීම, මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය හා මානව ගරුත්වය ආරක්ෂා කිරීම, දරුවන් සහ තරුණ ප්‍රජාව කෙරෙහි ඇති විය හැකි බලපෑම් අවම කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ආකර්ෂණීය හෝ සාමාන්‍ය කරණය වන ආකාරයෙන් නිරූපණය කිරීමෙන් වැළකීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය වැළැක්වීම, ප්‍රතිකාර හා පුනරුත්ථාපනය, සමාජය දැනුවත් කිරීම සහ මත්ද්‍රව්‍ය වලින් තොර පරපුරක් බිහිකිරීම සඳහා ජනමාධ්‍යයට ඉටු කළ හැකි සුවිශේෂී කාර්යභාරය පිළිබඳව ද මෙහිදී දැනුම හා අවබෝධය ලබාදීමට අපේක්ෂිතය.

මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියකට පමණක් සීමා නොවන අතර, එය සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ සාමූහික වගකීමකි. ඒ අනුව ජනමතය ගොඩනැගීම, නිවැරදි තොරතුරු සමාජගත කිරීම සහ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජනතාව පෙළඹ වීම තුළ මාධ්‍යයට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරේ මෙවැනි පුහුණු වැඩසටහන් තුළින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වාර්තාකරණය වඩාත් සංවේදී, විද්‍යාත්මක, නිවැරදි සහ සමාජ වගකීමෙන් යුත් ක්‍රියාවලියක් බවට පත් කිරීමත්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ සඳහා මාධ්‍ය දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමත් අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරී ත්‍යාගා බණ්ඩාර සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ, සහකාර මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරීනී මහේෂි මධුවන්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය කර තිබිනි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *