හිටපු ජනපති මහින්ද සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් අතර හමුවක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ (25) පස්වරුවේ සිදුව තිබෙනවා.
ඒ, කොළඹ පිහිටි හිටපු ජනපතිවරයාගේ නිවසේ දීයි.
මෙම හමුවේදී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ද අවධානය යොමු කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සුහද පිළිසඳරක නිරතව තිබේ.
හමුව පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා සඳහන් කර තිබුණේ, ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික බැඳීම් මත පදනම් වූ ශ්‍රී ලංකා – ඉන්දීය මිත්‍රත්වය පසුකාලීනව පුළුල් සහයෝගීතාවක් දක්වා වර්ධනය වෙමින් දෙරටේ අන්‍යෝන්‍ය යහපත හා සුබසිද්ධිය උදෙසා හේතුවූ බවයි.
විශේෂයෙන්ම, පසුගිය වසරේ රට මුහුණ දුන් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ ඉන්දීය රජය ලබාදුන් සහයෝගය, දෙරට අතර පවතින මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ ශක්තිය මැනවින් පිළිබිඹු කළ අවස්ථාවක් ලෙස හිටපු ජනපතිවරයා සිහිපත් කර තිබේ.


