USA පැසිෆික් නාවික බල ඇණියේ ප්‍රධානියා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි.!

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඇමෙරිකානු පැසිෆික් නාවික බල ඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. “Web” Kochler 2026 පෙබරවාරි (19) සිට (21) දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර (20) කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.

එහිදී ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය මුහුණ දෙන පොදු ආරක්ෂක අභියෝග, සමුද්‍රිය ආරක්ෂාව, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ දෙරටේ අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවස්ථා මෙන්ම සමුද්‍රීය විෂය පථය පිළිබඳ දැනුවත්භාවය (Maritime Domain Awareness – MDA) ශක්තිමත් කිරීම ආදී වැදගත් කරුණු රැසක් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට විශේෂයෙන්ම මෙරට නාවික හමුදාවේ හැකියාවන් ඉහළ නැංවීමට සහ මෑතකදී ඇති වූ ‘දිවා ස්වභාවික ආපදා තත්ත්වයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දුන් හදිසි මානුෂීය ආධාර හා සහයෝගය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇමෙරිකා එක්සත් ජනපදය වෙතසිය කෘතඥතාව පළ කළේය.

නීති විරෝධී ජාවාරම් ඇතුළු දේශසීමා ඉක්මවා යන අපරාධ සහ අනෙකුත් නූතන අභියෝගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වූ පොදු කැපවීම මෙම සාකච්ඡා වලදී ඉස්මතු විය.

දෙපාර්ශවය අතර දැනට පවතින ආරක්ෂක සහ පුහුණු සහයෝගීතාව මෙන්ම ඒකාබද්ධ අභ්‍යාස, පුහුණු වැඩසටහන් සහ සහයෝගී මුලපිරීම් හරහා සම්බන්ධීකරණය වැඩි දියුණු කළ හැකි ක්‍රම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. සමුද්‍රීය ආරක්ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ වැඩිදියුණු කළ ආරක්‍ෂක සහයෝගීතාව යන පොදු අරමුණු වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම අද්මිරාල් Kochler මෙහිදී යළිත් තහවුරු කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *