අගමැතිනිය හමුවූ අන්තරේ සිසුන් මල්වානේ නිවසින් ඉවත් ව යයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අද (18) අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේදී පැවැති සාකච්චාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පැවැති සාකච්ඡාවේදී හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කළ බැවින් මේ මොහොත් එම පරිශ්‍රයෙන් ඉවත් වීමට තමන ඇතුළු පිරිස කටයුතු කරන බවත්ය.

“අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වෙලා තියෙනවා මල්වානේ ඉඩම ඉදිරියේදී හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවට පවරන්න. අපි ඉල්ලපු දේට ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිචාරයත් එක්ක අපි මල්වානේ ඉඩමෙන් මේ මොහොතේ ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.”

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *