අද කාළගුණය සවස 2න් පසු තද වැසි – නිරිත දිග මෝසම සක්‍රීය වෙයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්ය.

තවද උතුරු පළාතේ සහ අනුරාධපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව දැනුම්දී ඇත.

ඌව සහ නැගෙනහිර පළාත්වලට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ නිලධාරීන් පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *