අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අද (29) පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විශේෂයෙන් උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට මෙන්ම කුරුණෑගල හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව පුරෝකථනය කර ඇත.

දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *