ආරක්ෂාව දෙන්නේනම් ශ්‍රී ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය ඇතුළු අපරාධ ගණනාවක් පිළිබඳ කරුණු හෙළිකිරීමට සූදානම් බව පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානා ප්‍රකාශ කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

පාස්කු ප්‍රහාරය සහ පිල්ලෙයාන් අතර ඇති සම්බන්ධයක් පිළිබඳ ඔහු මීට පෙර චැනල් 4 නාලිකාව ඔස්සේ අදහස් දක්වා තිබිණි.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එවක මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් හමුවීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ගොස් ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී සතියකින් ඔහුට ඇප ලබාගැනීමට කටයුතු කරන බවත්, පවසා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් 2026/05/20 වෙනි දින කොටුව අධිකරණයේදී සඳහන් කළේය.

පිල්ලෙයාන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මවුලානා ලබාදුන් ප්‍රකාශ මත දිලීප පීරිස් මේ බව අධිකරණයේදී සඳහන් කර තිබිණි.

දැනට ප්‍රංශයේ පදිංචිව සිටින අසාද් මවුලානාගේ ප්‍රකාශය ප්‍රංශ තානාපති කාර්යාලයේදී සටහන් කර ඇති බව ද අනාවරණය විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *