ඉදිරියේදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන නොදෙමි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවයි.සදහන් කරයි
අග්‍රාමාත්‍යවරිය වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග පැවති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමත්‍යවරිය.
“විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක සිසුන් තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ අවශ්‍ය මූලික කුසලතා ඒ දරුවන්ට නැහැ. පාසලේ දී ඉගෙන ගතයුතු දේ විශ්වවිද්‍යාලයේදී උගන්වන්න ඒ නිසා අපට සිද්ධ වෙනවා. ඒ පාසල් අධ්‍යාපනයෙන් සිදුවිය යුතු කාර්ය නිසි ලෙස සිදු නොවන නිසා.මෙම තත්ත්වය මෙරට උසස් අධ්‍යාපන පද්ධතියට විශාල බලපෑමක් ඇති කර තිබෙනවා, දරුවෙකු පාසලෙන් පිටවන විට, ඔවුන් වැඩ ලෝකයට හෝ උසස් අධ්‍යාපනයට සූදානම් බව සහතික කිරීමට අපි අමතක නොකළ යුතුයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඒ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරනවා.
ඒවගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව විදිහට ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනගන්න, උද්ඝෝෂණ කරන්න, ශිෂ්‍ය දේශපාලනය කරගෙන යන්න අපෙන් කිසිම බාධාවක් නෑ. ඒත් විශ්වවිද්‍යාල තුළ කිසිම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට, නවකවධයට හෝ සාමකාමි ශිෂ්‍ය ප්‍රජාවට හානිකර කිසිම දේකට ඉඩ දෙන්නේ නෑ. එවැනි දේ වෙනුවෙන් සමාව දෙන්න සූදානම් නැහැ.

