ඉදිරි දින තුන ඇතුළත ලිට්‍රෝ ගෑස් 350,000ක් වෙළෙඳපොළට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ලිට්‍රෝ ගෑස් 350,000ක් වෙළෙඳපොළට බෙදා හැරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම නිවේදනය කර ඇත්තේ මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් CORINTHIAN නෞකාව ඊයේ (22) දින මෙරටට ළඟා වූ බවය.

එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේම ආරම්භ කර ඇති බැවින් ගෑස් සිලින්ඩර 350,000ක ප්‍රමාණය වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව ඇති බවද එම සමාගම සඳහන් කළේය.

සමාගම සඳහන් කර ඇත්තේ මෙම ගෑස් තොගය ලැබීමත් සමග දිවයින පුරා ගෑස් බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන බැවින් සුපුරුදු පරිදි ගෑස් සිලින්ඩර ලබා ගැනීමේ පහසුකම පාරිභෝගිකයින්ට පවතින බවය.

එමෙන්ම අනවශ්‍ය ලෙස ගෑස් තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසත් සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *