ඉන්ටපෝල් එකට දේශනයක් පවත්වන්න ෆෙඩ්රික් වූට්ලර් ප්‍රංශයට යයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
ලියොන් හි ඉන්ටපෝල් (INTERPOL) විසින් සංවිධානය කරන මහජන සන්නිවේදනය සඳහා වූ පළමු ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වූට්ලර් මහතා ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත.
සමුළුව අතරතුර, ෆ්‍රෙඩ්රික් වූට්ලර් විසින් ශ්‍රී ලංකා පොලිසිය මෑත කාලීන ආපදා අවස්ථාවන්හිදී මහජන ආරක්ෂාව කළමනාකරණය කළ ආකාරය සහ සුභසාධන සහයෝගය සහතික කළ ආකාරය ඉස්මතු කරන විශේෂ ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට නියමිතය.
මෙවැනි ආකාරයේ අන්තර්ජාතික පොලිස් සමුළුවක විශේෂ දේශනයක් පැවැත්වීමට ආරාධනා කරන ලද පළමු ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත්වීම නිසා ඔහුගේ සහභාගීත්වය සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
මෙම සමුළුව 2026 අප්‍රේල් 28 සිට අප්‍රේල් 30 දක්වා ප්‍රංශයේ ලියොන් හිදී පැවැත්වීමට නියමිතය


