ඉරානය වෙත ගමන් කරමින් තිබූ තෙල් නෞකාවකට අමෙරිකානු හමුදාව මිසයිල ප්‍රහාරයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති නාවික අවහිර කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස මෙම ප්‍රහාරය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු මධ්‍යම විධානය නිකුත් කළ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ බොට්ස්වානා ධජය යටතේ ධාවනය වූ M/T Lexie නෞකාවේ එන්ජින් කාමරය ඉලක්ක කරමින් මිසයිලය එල්ල කරන ආකාරයයි.

අප්‍රේල් 13 වැනිදා සිට ආරම්භ කළ ඉරානයට එරෙහි නාවික අවහිර කිරීමේ මෙහෙයුම යටතේ අමෙරිකාව විසින් අක්‍රීය කළ හයවැනි නෞකාව මෙය බව වාර්තා වේ.

එමෙන්ම, ඉරාන වරායන් වෙත ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට උත්සාහ කළ තවත් නෞකා 122ක් මෙතෙක් වෙනත් මාර්ග වෙත යොමු කර ඇති බවද අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *