උතුරු ලන්ඩනයේදී ඊයේ යුදෙව්වන් දෙදෙනෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධිය එරට අගමැති කීර් ස්ටාර්මර් ‘අතිශයින්ම බියජනක’ සිද්ධියක් ලෙස හඳුන්වා තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

යුදෙව් පිරිමින් දෙදෙනා දැනට බරපතළ තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙය එරටින් වාර්තා වන යුදෙව් විරෝධී ප්‍රහාර මාලාවක නවතම සිද්ධියයි.

ෂොම්රිම් නම් යුදෙව් ආරක්ෂක කණ්ඩායම X සටහනක පැවසුවේ ගෝල්ඩර්ස් ග්‍රීන් යුදෙව් ප්‍රදේශයේ යුදෙව් ජනතාවට පිහියෙන් ඇනීමට උත්සාහ කළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය වාර්තාවන්නේ මෑත සතිවල ලන්ඩනයේ යුදෙව් ඉලක්ක වෙත එල්ල වූ ගිනි තැබීම් මාලාවකින් පසුවය.

දැනට නිකුත් වී ඇති වීඩියෝවක දැක්වෙන්නේ, බස් නැවතුම්පොළක සිටගෙන සිටින සම්ප්‍රදායික යුදෙව් හිස් වැස්මක් පැළඳ සිටි පුද්ගලයකුට එහි පැමිණෙන ප්‍රහාරකයා කිහිප වතාවක් පිහියෙන් ඇනීමට උත්සාහ කරන ආකාරයයි.

පසුගිය මාසයේ වාර්තා වූ සිදුවීම්වලට ඉරාන සම්බන්ධතා ඇත්දැයි විමර්ශනය කෙරෙමින් පවතී.

එල්ල කරන ලද නවතම ප්‍රහාර කිහිපයක වගකීම ඉරාන හිතවාදී කණ්ඩායමක් වන හරකාත් අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ භාරගෙන තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මැන්චෙස්ටර් හි එල්ල වූ ප්‍රහාරයකින් ද පුද්ගලයන් දෙදෙනෙකු සහ ප්‍රහාරකයා මියගොස් තිබිණි.

2023 ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ යුද්ධයට හේතු වූ ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසුව මෑත වසරවලදී බ්‍රිතාන්‍යයේ යුදෙව් විරෝධී ප්‍රහාර සංඛ්‍යාව ඉහළ යමින් පවතී

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *