ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

 

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

නාවික හමුදාවේ 75 සංවත්සරයට සමගාමීව ධජ ආශිර්වාද පූජාවක්.

මෙම වසරේ එළැඹෙන දෙසැම්බර් 09 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව කප්රුක පූජාව පුන්‍ය මහෝත්සවය හා නායක ධජ වෙත සෙත් පැතීමේ ධජ ආශිර්වාද පුන්‍ය උත්සවයක් ඉකුත් 30 හා 31 යන දෙදින අනුරාධපුර පුද බිමේ දී පැවති අතර ඒ සදහා නාවික හමුදාපති වයිරස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික නිලධාරීන් විශාල පිරිසක් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී අනුෂා බානගොඩ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නාවික ධජ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම දෙදින පුරා කප්රුක පූජාවක් හා ධජ ආශිර්වාද පූජාවක් සිදු කළ අතර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සියළුම නාවික හමුදා විරුවන් වෙත මවුබිමේ අඛණ්ඩතාවය වෙනුවෙන් ජීවිතක්ෂයට පත්වූ හා රණක්ෂිතයට පත් විරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත පුණ්‍යානුමෝදනා හා ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.

මෙම උත්සව අවස්ථාවට අදාල ඡායාරූප කිහිපයක් පහතින් ඒවා ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *