ගරු ජනපති හෙට අමෙරිකාවට – අමෙරිකාවෙන් ජපානයට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා හෙට (22) රාත්‍රියේ, නිල සංචාරයක් සඳහා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනපතිගේ මෙම අමෙරිකා සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමයි.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත ජනාධිපති අනුර දිසානායක මහතා බදාදා (24) එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති.
සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතය.

අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද ජනපති අනුර සහභාගී වනු ඇති.

අමෙරිකා සංචාරයෙන් පසුව (27 වැනිදා) ජනාධිපතිවරයා එහි සිට ජපානයේ නිල සංචාරයකට එක්වීමට නියමිතය. ඒ, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබාගේ ආරාධනයකට අනුවයි.

එහිදී ජනාධිපති අනුර දිසානායක මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සමඟ ලබන 29 වැනිදා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය.

මෙම අමෙරිකා සහ ජපාන සංචාරය නිමකර ජනාධිපති අනුර දිසානායක මහතා ඔක්තෝබර් 1 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *