ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම ගැටලුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද විමසා සිටියේය.
එමෙන්ම මෙම යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගබඩාවල තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම මගින් ඉදිරියේදී මතුවිය හැකි මෙවැනි ගැටලු මගහරවා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
විශේෂයෙන්ම ඇති විය හැකි දේශගුණික තත්ත්වයන් මත ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, එය සාමාන්‍ය ක්‍රියාවලිය තුළ නොව, විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

