ජාත්‍යන්තර පර්යේෂණ ප්‍රදාන ලබා ගැනීමේදී , පර්යේෂකයින්ට සහ ආයතනයන්ට මුහුණ දීමට ඇති තීරණාත්මක බාධක විසදිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මූලිකත්වය ගනි.
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් ජාත්‍යන්තර පර්යේෂණ ප්‍රදාන ලබා ගැනීමේදී, පර්යේෂකයින්ට සහ ආයතනයන්ට මුහුණ දීමට සිදුව ඇති තීරණාත්මක බාධකවලට විසඳුම් සෙවීම වෙනුවෙන් මූලිකත්වය ගැනීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඉදිරිපත් වී තිබේ. ඒ සඳහා ගතයුතු ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර පර්යේෂණ ප්‍රදාන ලබා ගැනීමේදී, පර්යේෂණ උපකරණ ආනයනය කිරීමේදී සහ පර්යේෂණ ආශ්රිත අනෙකුත් සම්පත් ලබා ගැනීමේදී පර්යේෂකයින්ට සහ ආයතනයන්ට මුහුණ දීමට සිදුව ඇති තීරණාත්මක බාධක විසඳීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මැදිහත්වීම සහ සහය ලබාදෙන ලෙස ලෙස මෙරට විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ පර්යේෂකයින් ගණනාවක් විසින් ඉල්ලීම් සිදුකර ඇත.
ඉහත සඳහන් අවස්ථාවන්හි දී දැනට පවතින ජාතික රෙගුලාසීන්ට අනුව අවශ්‍ය කරන අනුමැතීන් ලබාගැනීමේදී, නිෂ්කාශන සහ බදු සම්බන්ධ තීරණ ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් හේතුවෙන්, අනුමත විදේශීය පර්යේෂණ ප්‍රදාන ඵලදායී ලෙස භාවිතා කිරීමේදී සැලකිය යුතු දුෂ්කරතා මතුව තිබේ. එහි ප්‍රතිඵල ලෙස, අපේක්ෂිත ක්‍රියා පටිපාටි ප්‍රමාදයන් හේතුවෙන් එවැනි ප්‍රදානයන් ඉල්ලා අස්කර ගැනීම, කාලය ඉකුත් වීම හෝ අයදුම් කිරීමෙන් වැළකීම ආදී පියවරයන්ට යොමුව ඇත.
මේ හේතුවෙන් විදේශීය අරමුදල් මගින් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අරමුදල් සැපයිය හැකිව තිබූ පර්යේෂණ කටයුතු සඳහා ජාතික අයවැය හරහා සම්පූර්ණයෙන්ම සහාය ලබා දීම අවශ්‍ය වන තත්ත්වයකදී එය රජයට සැලකිය යුතු මූල්‍ය අවාසියක් ඇති කර තිබේ. ඒ හරහා සෘජු මූල්‍ය බරට අමතරව, තාක්ෂණය පවරාදීම, ධාරිතා වර්ධනය සහ රටේ පර්යේෂණ හා නවෝත්පාදන පද්ධතියේ ගෝලීය දෘශ්‍යතාව වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථාවන් මග හැරී යාම ආදී ඍණාත්මක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුව තිබේ.
ජාතික ආර්ථික සංවර්ධනයේ දී ඉතා වැදගත් වන පර්යේෂණ හා නවෝතපාදන ක්ෂේත්රයට බලපාන මෙම තීරණාත්මක බාධකවලට විසඳුම් සෙවීම පිළිබඳව දීර්ඝව මෙහි දී සාකච්ඡා වූ අතර ඒ වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අඛණ්ඩ මැදිහත්වීමක් සිදුකරන බව අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට විද්‍යා හා තාක්ෂණ, මුදල්, සෙෘඛ්‍ය හා ජනමාධ්‍ය, විදේශ කටයුතු, වෙළඳ හා පාරිභෝගික කටයුතු යන අමාත්‍යාංශ හා අනුබද්ධ ආයතන ප්‍රධානීන්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ශ්‍රී ලංකා රේගුව, රාජ්‍ය විශ්ව විද්‍යාල සහ වෙනත් පර්යේෂණ ආයතනයන්හි නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.
නිත්‍ය සිල්වා (මාධ්‍ය ලේකම්)
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය




