ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අනුරාධපුර සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට නියාමන කටයුතු සිදු කරමින් සිටින බව අවධාරණය කරමින්.
එමෙන්ම ඉදිරියට ද මෙම බාල වයස්කාර දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි මෙම විමර්ශන කටයුතු සිදුවනවා දැයි නියාමනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට සූදානම් බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිය ලිපියෙන් දන්වා තිබෙනවා.
මෙම දැරියගේ අයිතිවාසිකම් හා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත එල්ලවී නොමැති බවත් මේ සම්බන්ධ කටයුතු නිසි පරිදි නියාමනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරි පියවර ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පුරවැසියන් කිසිදු අනියත බියක් හෝ මහජන කැළඹීමක් ඇති කරගැනීමට හේතුවක් නොමැති බවත්, යම් හෙයකින් අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමඟින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් වියහැකි බවත් ළමා ආරක්ෂක අධිකාරිය අවධාරණය කර ඇත.
එසේම මේ වන විට වින්දිත දැරිය විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුම් දෙයි.


