දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර (30) රාත්‍රි වීදි සංචාරය කිරීමට නියමිතයි. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ඒ අනුව, අද රාත්‍රී 7.05 ට යෙදෙන සුබ මොහොතින් එම පෙරහැර ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

පෙරහැර පිටත් වී ශ්‍රී දළදා වීදිය හා ඩී.එස්. සේනානායක වීදියෙන් පන්සල පාරට පිවිස, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදියේ ගමන් කර, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පළමු කුඹල් පෙරහැර ගෙවැදීමට නියමිතව තිබෙනවා.

ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද සිට ලබන 09 වැනිදා දක්වා මහනුවර නගරයේ විශේෂ රථවාහන හා ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *