දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් අද (30) සිට අපේක්ෂා කෙරේ. www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com

 

උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (70) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉතා ඔනැකමින් ඉල්ලා සිටිනු ලැබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *