දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර ගොඩනගා ගැනීමට මූල්‍යාධාර පිරිනැමීම වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

පසුගියදා පැවැත්විණි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 90 දෙනෙකු සඳහා මෙහි දී මූල්‍යාධාර පිරිනැමිණි.

මෑත ඉතිහාසයේ අප රට මුහුණ දුන් විශාලතම ස්වාභාවික ව්‍යසනය වන දිට්වා සුළි කුණාටුව, රජයක් ලෙස අප සාර්ථකව කළමනාකරණය කළෙමු. නිවැරදි මූල්‍ය විනයක් සහ බදු ප්‍රතිපත්තියක් පවත්වා ගනිමින් නාස්තිය, හොරකම, දූෂණයෙන් තොරව රජය කටයුතු කළ නිසා ආපදාවට ලක් වූ ජනතාව රැකගැනීමටත්, ජන ජීවිතය සාමාන්‍යකරණය කිරීමටත් අපට හැකියාව ලැබුණි.

රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට නම් එහි කොඳු නාරටිය බඳු කර්මාන්ත දියුණු කළ යුතුය. මෙම මූල්‍යාධාරය තවත් එක් සහනාධාරයක් නොවේ. මෙය දිරිය සම්පන්න සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ ආයෝජනයක් බව රජයේ විශ්වාසයයි. එබැවින් මෙම මූල්‍ය පරිත්‍යාගය ඵලදායීව යොදා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දෙන ලෙස අවධාරණය කළෙමි.

කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රජය කැපවී සිටින අතර, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගනිමින් සිටී. ඒ ඔස්සේ ග්‍රාමීය ආර්ථිකයත්, ජාතික ආර්ථිකයත් ශක්තිමත් කිරීම අපේ අරමුණයි.

මෙම අවස්ථාවට වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති රෝහිත සේරම් මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, වත්තල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ග්‍රාම නිලධාරීන්  කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් එක් වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *