දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 177කින් සම්මතයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව (අගෝස්තු 05) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීය.
එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතය.

