නුවරඑළියේ මාධ්‍ය සාකච්ඡාවක් තියා කෘෂිකර්ම බලධාරීන්ට දෙස් ඉල්ලා බැන වදිමින් විෂය ගැන පරිණත දැනුමක් ඇති ජනාධිපතිවරයාට කෘෂිකර්ම විෂය භාර ගන්නා ලෙස ගෞරවනීය ඉල්ලීමක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

දේශිය ආර්ථිකයට ශක්තියක් මෙන්ම පෞරාණික ආහාර සංස්කෘතියට පණ පොවන ගෞරවාන්විත ගොවියාට නිරන්තරයෙන්ම අපහාස උපහාස කර ගොවියා හෑල්ලුවට ලක් කරන කෘෂිකර්මය හා සම්බන්ධ බලධාරීන් වහාම එම තනතුරුවලින් ඉවත් කර ජනාධිපතිවරයාට කෘෂිකර්ම විෂය භාරගන්නා ලෙස දේශීය ගොවි හඩ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි ,

ඔවුන් මේ බව කියා සිටියේ විෂය පිළිබඳව මනා දැනුමක් නොමැති පාලකයන්ගේ අදූරදර්ශී තීන්දු තීරණ හමුවේ ගොවි ආර්ථිකය කඩාවැටි ඇති පසුබිමක ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට කරුණු අවධාරණය කිරීම වෙනුවෙන් (12) නුවරඑළියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි ,

මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා දේශයේ ගොවි හඬ සංවිධානය නිවේෂණය කරමින් එහි සභාපති තරිඳු රත්නායක , නුවරඑළිය තරුණ ගොවි සභාවේ ලේකම් හසිත වීරසිංහ සහ නුවරඑළියේ සාමාජිකයන් එක්ව සිටියහ ,

මාධ්‍යය හමුවේ අදහස් දැක්වමින් දේශයේ ගොවියන්ට සංවිධානයේ සභාපති තරිඳු රත්නායක කියා සිටියේ දේශීය අර්ථාපල් ගොවියා එළවළු ගොවියා මෙන්ම වී ගොවියා විෂය භාර ඇමතිවරයාගේ සහ නියෝජ්‍ය ඇමතිවරයාගේ අධූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි ලෙස කඩා වැටි ඇති පසුබිමක විෂය පිළිබඳ දැනුමක් ඇතැයි විශ්වාස කරන ජනාධිපතිවරයා කඩිනමින් කෘෂිකර්ම අමාත්‍යංශය භාර ගැනීමට කටයුතු කරන්නේ නම් ගොවියන් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් එසේ නොවන්නේ නම් ගොවියා නොදුරු දිනෙකින් මහපාරට බැස උද්ඝෝෂණ සිදුකිරීම ආරම්භ කිරීමට කටයුතු කරන බවය ,

වැඩිදුර අදහස් දේශයේ ගොවිහඬ සංවිධානයේ සභාපති තරිදි රත්නායක ,

මේ වන විට රටේ සමස්ත ගොවියාම විශාල අපහසුතාවයකට පත්වෙලා ඉන්න මොහොතක කෘෂිකර්මය විෂය භාර ඇමති හා නියෝජ්‍ය ඇමතිගේ අපහසු උපහාසයට ද ලක්වෙන්න ගොවියාට සිද්ධවෙලා තියෙනවා ,

ඉතිහාසයේ පළමු වතාවට මෙච්චර පහතට ගොවියා කඩා වැටිච්ච වෙලාවක මේ ඇමතිලාගේ ක්‍රියාකාරකම් නිසාවෙන් අර්තාපල් ගෙවියාට සහ එළවළු ගොවියාට අත්වෙලා තියෙන ඉරණම ඉතාමත් කණගාටු දායකයි ,

අද අපේ එළවළු ටික අල ටික විකුණ ගන්න බැහැ ආර්ථික මධ්‍යස්ථාන අපිට කෙනෙහිලිකම් කරද්දී ආණ්ඩුවත් අපිට ගෙනහිලිකම් කරනවා ඒ අස්සේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ගොවියාට අපහාස උපහාස කරනවා ,

කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන්නෙ වෙනම ලෝකෙක ඔහු මුලින්ම හාමුදුරුවන්ට අපහාස කරා දැන් ගොවියන්ට අපහාස කරනවා ,

රට ඇතුලේ අල ආනයනය කරලා දේශීය ගොවියාට මොවුන් සිදුකරන්නේ බරපතලල හානියක් මේ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් අපි උත්තරයක් බලාපොරොත්තු වුණත් කිසිදු උත්තරයක් මේ වෙනකන් ලැබිලා නැහැ ,

අපිට තේරෙන්නෙ මොවුන්ට මේ පාලනය හරි විදිහට කරගෙන යන්න බැහැ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ,

විෂය ගැන කිසිදු දැනුමක් නොමැතිව කටයුතු කරන මේ අමාත්‍යවරුන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බලධාරීන් වහාම ඉවත් කර ජනාධිපතිවරයාගේ අතට කෘෂිකර්ම අමාත්‍යාංශය පවරා ගට යුතුය ,

ජනාධිපතිවරයා යටතට කෘෂිකර්ම අමාත්‍යංශය පවරාගෙන කටයුතු කරන්නේ නම් ගොවියන් සියලු දෙනා ජනාධිපතිවරයා සමග එක්ව සාකච්ඡා කොට නව ගමනක් යාමට සූදානම් බවත් අපි මෙහිදී ප්‍රකාශ කරන්නට කැමති ,

ඒත් එක්කම මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට කරන අපරාධ වලට සහ ගොවියාට කරන අපහාස අපරාධවලට දැන් ඉන්න වගකිව යුත්තන් බලයෙන් ගියදාට නීතිමය ක්‍රියාමාර්ග ගණනක් කටයුතු කරනවා ,

තවද මාධ්‍යාම වැඩිදුරට අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශයක්ද දැඩි පිළිකුලෙන් හෙලා දකිමින් අදහස් දැක්වූ අතර දිගින් දිගටම ගොවියාට අපහාස කරන්නට කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම කටයුතු කරන්නේ ගොවියා අරකලයක් කිරීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය ,

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශයේ ගොවි හඬ සංවිධානයේ නියෝජනය කරමින් නුවරඑළිය තරුණ ගොවි සභාවේ ලේකම් හසිත වීරසිංහ කියා සිටියේ ගොවියාව රජ කරන්න උත්සාහ කරන්නේ දේශපාලන පක්ෂ තමන්ගේ ඡන්දය දිනා ගැනීම සඳහා ඒ හැරෙන්නට ගොවියාට කිසිදු උවමනාවක් නැහැ රජ වෙන්නට ,

වැඩිදුර අදහස් දැක්වූ ඔහු මෙසේද කීහ ,

වෙන රටවල් වල නූතන ගොවියා කියන්නේ තාක්ෂණය අතින් ඉතාමත්ම දියුණු තැනක ඉන්න කෙනෙක් ,

හැම රටකම ගොවියාව දකින්නේ ව්‍යවසායකයෙක් හැටියට නමුත් අපේ රටේ වර්තමාන රජය තමයි ගොවියාව විහිළුවකට අරන් තියෙන්නේ ,

අද ඔය ගොවියා රජ කරන කතාව උපහාසයට ලක් කරාට එයාලම තමයි දේශපාලන වේදිකාවල ගොවිය රජ කරනවා කියලා පම්පෝරි ගහන්න ඒවා දැන් අහනකොට අපිට හිනත් යනවා ,

අපි ඉල්ලන්නේ ඇත්තටම ගොවියා රජෙක් කරන කියන විහිළු කතාව නෙමෙයි ගොවියා සැබෑ ව්‍යවසායකයෙක් කරවන්න ප්‍රතිපත්ති සකස් කරන්න ඕන කාල පරිච්ඡේදයක තමයි අපි ඉන්නේ ,

රජයේ ඒ ගැන හිතුවේ නැති උනත් අපි සංවිධාන ගතවෙලා ගොවියන්ගේ නිෂ්පාදනය විකුණ ගන්නේ කොහොමද කියන එක කතා කරන්න ගොවි සංවිධාන සකස් කරගෙන මේ දවස්වල ඒ වැඩ ටික කරනවා ,

අපි එහෙම වැඩ කරනකොට රජයක් විදිහට තවමත් විහිළු සපයනවා නම් ඒ ගොවියාට කරන නින්දාවක් වගේම අපහාසයක් ,

වර්තමාන රජයේ ජනාධිපතිවරයාගෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලු වලට වහාම විසඳුම් ලබාදෙන්න කෘෂිකර්ම විෂය ජනාධිපතිවරයාගේ අතට පවරාගෙන කෘෂිකර්මය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කරන වගකීම බාරගන්න කියලයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *