පරිවර්තනීය අධ්‍යාපනයකට දිස්ත්‍රික්ක මට්ටමින් සංවර්ධන සැලැස්මක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මඩකලපුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය අමාත්‍යවරියගේ හදිසි නිරීක්ෂණයට
ඉදිරි වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුම්වත් කිරීම හා ඒ් සමඟ මතු වන ගැටලු හඳුනා ගැනීම මෙන් ම ඒවාට පළාත් මට්ටමින් විසඳුම් සොයා ගැනීම අරමුණු කරගනිමින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ දිනවල උතුරු මැද හා නැගෙනහිර පළාත්වල සංචාරයක නිරත ව සිටී.
ඒහි දී අමාත්‍යවරිය පළාත් අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරු මහත්ම මහත්මීන් සමඟ සෘජුව සාකච්ඡා පවත්වමින් අධ්‍යාපන පද්ධතියේ ප්‍රායෝගික ගැටලු විමර්ශනයට ලක් කිරීම සිදු විය.
මෙම සංචාරයේ දී පළමු ශ්‍රේණියට සහ හය ශ්‍රේණියට උගන්වන ගුරු මහත්ම මහත්මීන් හමු වී විශේෂ සාකච්ඡාවක් ද අගමැතිතුමිය පවත්වන ලදි. හඳුන්වා දෙන මොඩියුල් ක්‍රමයේ වැදගත්කම සහ එමගින් දරුවාට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ලැබීම පිළිබද වත් පවතින මනෝ විද්‍යාත්මක වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරිය, ඒම ක්‍රමයෙන් අධ්‍යාපනය ලබා දීම පිළිබඳ ව ගුරුවන්ගේ අදහස් ද මෙහි දී විමසන ලදි. ඒමෙන් ම ඔවුන් මේ වන විට මුහුණ පාන ගැටලු පිළිබඳව ද විමසූ ඇය ඇතැම් ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දී අනෙකුත් ඒ්වා විසඳා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ බලධාරීන් දැනුම්වත් කළා ය.
ඒමෙන් ම මෙම සංචාරය අතරතුර සිදු කළ තවත් විශේෂ කටයුත්තක් වනුයේ සියලු ම විදුහල්පතිවරුන් හමුවීමයි. මෙහි දී ඉදිරියේ දී ගෙන ඒ්මට නියමිත මොඩියුලර් ක්‍රමය පිළිබඳ ව සහ ඇගයීම් ක්‍රමවේද පිළිබඳ ව විශේෂ වශයෙන් විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීම හා ඔවුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.
නැගෙනහිර පළාත් සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, ගුරු පුහුණු සිදු කිරීමත් ඉතා වැදගත් කරුණු ලෙස සැලකිය යුතු බවයි. ලංකාව පුරා සියලු ම පළාත් ආවරණය වන පරිදි අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සමග සෘජුව සාකච්ඡා කිරීමට හැකි වීම නිසා බිම් මට්ටමේ අදහස් යෝජනා ලබා ගත හැකි බවත්, ඔවුන්ගේ ගැටලු හඳුනා ගත හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය, උතුරු මැද හා නැගෙනහිර සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ද ඒය බවත් ප්‍රකාශ කර සිටියා ය. ඉදිරියේ දී දිස්ත්‍රික් මට්ටමින් විධිමත් සංවර්ධන සැලැස්මකට අනුව මෙම නව අධ්‍යාපන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවත් ඇය මෙහි දී පෙන්වා දුන්නා ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සමඟ හඳුන්වා දෙන මොඩියුල ක්‍රමවේදය පිළිබඳ ව ගුරුභවතුන් සමඟ සෘජුව කතා කිරීමට හැකි වූ බවත් ගුරුවරුන් මේ වෙනස පිළිබඳ ධනාත්මක ව අදහස් පළ කළ බවත් පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද කිසි දු විරෝධයක් හෝ ගැටලුවක් ඔවුන් මතු නොකළ බවත් මාධ්‍ය අමතමින් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.
2026 වර්ෂයේ සිට සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සාර්ථක ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් කරන බවත්, සියලු ම අධ්‍යාපන බලධාරීන් එක් ව මේ වෙනස සාර්ථක කර ගැනීමට කැප විය යුතු බවත් අගමැතිතුමිය අවසාන වශයෙන් අවධාරණය කර කියා සිටියා ය.
මෙම සංචාරය අතරතුර අමාත්‍යවරිය මඩකලපුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ද ඒක් වූ අතර එහි දී විශේෂයෙන් ම සිසුන් මුහුණ පාන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් සිසුන් සමග සාකච්ඡා කිරීමත් ඔවුන්ගේ නේවාසිකාගාර සහ ආපණශාලා නිරීක්ෂණයට ලක් කිරීමත් ඔවුන් මුහුණපාන ගැටලු සඳහා විසඳුම් පිළිබඳ ව පීඨාධිපති සහ පාලන අධීකාරිය සමග සාකච්ඡා කිරීමත් සිදු විය.

