ප්‍රදේශ කිහිපයකට අද සවසත් තද වැසි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ප්‍රදේශ කිහිපයකට අද සවසත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරු-මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතින බවය.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *