ප්‍රවීණ දේශපාලනඥයෙකු වන මුලු රටේ ජනතාව ගරු කරන වාසුදේව නානායක්කාර මැතිතුමා පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් දොරට වැඩීමේ උත්සවයට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එක්වූවාය.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, වාසුදේව නානායක්කාර ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ඉතිහාසයේ වැදගත් චරිතයක් ලෙස විස්තර කළ අතර, ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමන් එකඟ වූවත් දේශපාලනික වශයෙන් වෙනස් මත දැරූ අවස්ථා තිබූ බවත්, නමුත් වාමාංශික දේශපාලනයට ඔහුගෙන් වූ මෙහෙවරට තමන් සෑම විටම ගරුකළ බවත් පැවසුවාය.

වාසුදේව නානායක්කාර සමඟ පාර්ලිමේන්තුවේ කටයුතු කළ ආකාරය මෙන්ම ඔහුගේ දීර්ඝ දේශපාලන ජීවිතය සහ අත්දැකීම් පිළිබඳව ඔහු සමඟ කළ සංවාදයන් ද ඇය එහිදී සිහිපත් කළාය.

“ශ්‍රී ලංකා දේශපාලනයට බලපෑමක් කළ ඔහු වැනි චරිත ගැන අනාගත පරම්පරාව දැනගත යුතුයි” යනුවෙන් ද ඇය පැවසුවාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව යටතේ වාසුදේව නානායක්කාර කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *