ශ්‍රී ලංකාව ආසන්නයේ ඉරාන නෞකා 20ක් – ප්‍රහාර අවදානමක

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකාව ආසන්නයේ ඉරාන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් නැංගුරම්ලා සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා සඳහන් කර ඇත්තේ, එම නෞකා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, අදාළ නෞකා ශ්‍රී ලංකාවේ භෞමික සීමාවෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගකීමක් නොමැති බවද ඔහු පෙන්වා දී තිබේ.

එම නෞකාවලට ශ්‍රී ලංකාව විසින් කිසිදු පහසුකමක් ලබා නොදෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *