රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට පියවර
www.bbcmirror.lk
www.Lankawebnews.lk
පෞද්ගලික ආයතනයකින් පරිසරයට නිකුත් වූ රසායනික ද්‍රව්‍ය පානීය ජලයට මුසුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඊයේ (24) සවස මේ පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ වහාම අවශ්‍ය පියවර ගත් බවයි.
අදාළ රසායනික ද්‍රව්‍ය විෂ සහිත නොවන බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයක් ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබුණි.
පසුව ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව තත්ත්වය පාලනය කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශ මත රසායනාගාර පරීක්ෂණ සිදුකර ජලය නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් අනතුරුව ජල සැපයුම යළි බෙදාහැරීමට කටයුතු කර තිබේ.

