කොළඹට සහ ගම්පහට ජල සැපයුම හදිසියේම අත්හිටුවීමට හේතුව

www.bbcmirror.lk

www.Lankawebnews.lk

කොළඹට සහ ගම්පහට ජල සැපයුම හදිසියේම අත්හිටුවීමට හේතුව ගැන අනාවරණයක්

කොළඹ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක් සිදුකිරීමට හේතුව, ප්‍රධාන ජල පවිත්‍රාගාර දෙකක් වන අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරයන් ආශ්‍රිතව පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් යම් රසායනිකයක් පරිසරයට මුසුව ඇති බවට වූ අනාවරණයක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ (24) රාත්‍රී 11.30 ට පමණ ලද තොරතුරක් මත මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස ජල කප්පාදුවක් සිදුකිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

අනතුරුව විධිමත් පරීක්ෂණ මඟින් ජලය පරිභෝජනයට සුදුසු බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව, නැවතත් ජල සැපයුම යථා තත්ත්වයට පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ද නියමිතය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *