විදුලි දුම්රිය සේවයේ වැඩ ලබන වසරේ සිට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක වැඩකටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පාලන පළාත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.

හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය සඳහන් කළේ මෙම යෝජිත විදුලි දුම්රිය සේවාව මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර, මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ නවීන පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

බෙලිඅත්තේ සිට රුහුණු කුමාරි දුම්රියෙන් පැමිණෙන මගීන්ට පානදුර දුම්රිය ස්ථානයෙන් බැස මෙම නව විදුලි දුම්රිය ජාලය ඔස්සේ කොළඹ දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා දැනටමත් මෙට්‍රෝ බස් රථ හඳුන්වා දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *