පුනර්ජනනීය විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ නව මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
පුනර්ජනනීය විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා අදාළ නව මිල ගණන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, උපයෝගීතා කොමිසම විසින් නියම කර ඇති කොන්දේසිවලට යටත්ව නව පෝෂක ගාස්තු ක්‍රමය හෙට (25) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අදාළ පෝෂක අය ක්‍රමයට අවශ්‍ය ක්‍රමවේදය සහ මිල ගණන් මේ වනවිට තීරණය කර ඇති බවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
විදුලි ජනනයේ ස්වභාවය අනුව නව පුනර්ජනනීය විදුලි බලාගාරවලින් විදුලි මිල ගණන් කාණ්ඩ තුනක් යටතේ ප්‍රකාශයට පත් කර තිබේ.
එම කාණ්ඩ වන්නේ පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා පෝෂක අය ක්‍රමය, විදුලි පාරිභෝගිකයින් සඳහා පෝෂක අය ක්‍රමය සහ බැටරි ගබඩා පද්ධති සහිත පුනර්ජනනීය බලාගාර සඳහා පෝෂක ගාස්තු ක්‍රමයයි.

