“පැරිසියේ සිට යාපනය දක්වා“ – ඉනෝෂන් සුරන්ගේ බයිසිකල් සවාරියට යුද්ධ හමුදාවෙන් උණුසුම් පිළිගැනීමක්. BBCMirror.lk . CNNMirror.lk asianewsplusone.com sfmnewslk.com

මාධ්‍යවේදීනික්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ
දැනට ප්‍රංශයේ පදිංචි ඉනෝෂන් සුරන් මහතා යුරෝපයේ සිට ආසියාව දක්වා කිලෝමීටර් 10,000 ක් පුරා විහිදුණු “ පැරීසියේ සිට යාපනය දක්වා (From Paris to Jaffna) ” ඔහුගේ විශේෂ බයිසිකල් සවාරිය සාර්ථකව නිම කරන ලදී.
මෙම වසරේ සැප්තැම්බර් මස 01 වන දින පැරිසියේ සිට ගමන් ආරම්භ කළ සුරාන් මහතා දැඩි අභියෝග මධ්‍යයේ ජර්මනිය තුර්කිය සහ ඉන්දියාව ඇතුළු රටවල් 13 ක් හරහා ගමන් කරමින් ඉකුත් 23 වන දා යාපනයට ළඟා විය.
ඔහුගේ මෙම උත්සාහය අගය කරමින් යාපනයේ දී උත්සවයක් සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඒ මහතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම ගමනෙහි අරමුණ පිළිබඳව අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ යාපනයේ පවතින විශේෂ සම්ප්‍රදායන් ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කිරීම දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා යාපනය සුන්දර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සංහිඳියාව ඇති කිරීම සහ ජාත්‍යන්තර ප්‍රජාවන් සමග සමාජ හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම තම මෙහෙවර බවයි.


