බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මෝසමක් ඉවතට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප ඇතුළු හික්ෂූන් වහන්සේ පස් නමට ඇප ලබා ගැනීම වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා, අදාළ නඩුව කැඳවන්නැයි නීතිඥ කාලිංග රවින්ද්‍ර කළ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න ප්‍රතික්ෂේප කළේ ය.

නීතිඥ කාලිංග රවින්ද්‍ර එම ඉල්ලීම කළේ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප, කහටගස්දිගිලියේ විජිත, බලංගොඩ අනුරුද්ධ, පිලිමතලාවේ රේවත සහ දෙනියායේ සෝරත යන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙනි.

සැකකාර භික්ෂූන් වහන්සේ සහ සිවිල් වැසියන් තුන්දෙනෙකු, ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන්ට චෝදනා එල්ල වන්නේ, අනුරාධපුර රුවන්වැලිසෑය දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහයට තවත් පිරිසක් සමග කඩා වැදී කලහාකාරී ලෙස හැසිරී, ශාසනයෙත් නෙරපා සිටින රාජාංගනේ සද්ධාරතන නමැති චීවරධාරියාට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙනි.

Spread the love

One thought on “බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පස් නමට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මෝසමක් ඉවතට”

  1. Турбозайм оформляет займы на банковскую карту дистанционно: без офиса и подтверждения дохода. Заявка заполняется за пять минут, решение приходит почти сразу, деньги зачисляются круглосуточно. Условия и требования для получения онлайн-займа на карту смотрите на https://turbozaim.ru/ Новичкам сервис предлагает выгодные условия. Компания работает официально и состоит в реестре ЦБ РФ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *