මත්ද්‍රව්‍ය හා නීතිවිරෝධී ක්‍රියා මර්දනයට පාතදුම්බර පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

www.bbcmirror.lk

www.asianewsplusone.com

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.ceylonwebnews.com

මාධ්‍යවේදී   කේ.වි.එම්.එෆ්.එච්.ෆාසිල්

මත්ද්‍රව්‍ය භාවිතය හා අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින් පාතදුම්බර කොට්ඨාසයේ සියලුම පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (16) වත්තේගම නගර සභා ශාලාවේදී පැවැත්විණි.

වත්තේගම පොලිස් ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා සහ වැඩබලන පොලිස් ස්ථානාධිපති සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.

පාතදුම්බර කොට්ඨාසයට අයත් පොලිස් කමිටු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, ප්‍රදේශය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම, නීතිවිරෝධී ක්‍රියාකාරකම් හඳුනාගැනීම සහ ඒවා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීම ඇතුළු කරුණු පිළිබඳව සාමාජිකයන් දැනුවත් කරන ලදී.

එමෙන්ම, ප්‍රජාව සහ පොලිසිය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ප්‍රදේශයේ සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා පොලිස් කමිටුවලට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් හරහා මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව ප්‍රජා මට්ටමේ සහයෝගීතාව ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *