මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයේන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි, මානව හිමිකම් කොමිසම කියයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මීගමුව බන්ධනාගාරයේ පාලකයන් විසින් රැඳවියන්ට එරෙහිව පලිගැනීම් සිදුකරන බවට ලැබෙන වාර්තා දැඩි ලෙස කංකසාවට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, මියගිය සහ තුවාල ලැබූ රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පවුල්වල සාමාජිකයන්ට සිදුවූ සත්‍යය කුමක්දැයි දැනගැනීමටත්, ඒ වෙනුවෙන් සාධාරණය ඉටුවනු දැකීමටත් අයිතියක් ඇති බවයි.

“මෙම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවට බලධාරීන් පොරොන්දු වීම අපි අගය කරනවා. එම පරීක්ෂණ කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුක්ත විය යුතුයි. මෙම ප්‍රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාවේ රැඳවුම් භාරය සම්බන්ධයෙන් පවතින ව්‍යුහාත්මක ගැටලු විසඳීමේ හදිසි අවශ්‍යතාව ද මතුකර පෙන්වනවා” යැයි ප්‍රකාශිකාව පැවසුවාය.

නඩු විභාගයට පෙර දීර්ඝ කාලයක් අත්අඩංගුවේ තබාගැනීම, අධික ලෙස රැඳවියන් පිරී ඉතිරී යාම සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින අනුචිත තත්ත්වයන් මෙම ගැටලුවලට ඇතුළත් වේ. එසේම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා විශාල පිරිසක් අත්අඩංගුවේ පසුවන අතර, ඉන් බහුතරයකට සිරගත කිරීමට වඩා සෞඛ්‍යමය විසඳුම් ලබාදිය යුතු බව ද ඇය සඳහන් කළාය.

“මීගමුව බන්ධනාගාරයට මෙන්ම, සිරකරුවන් මාරු කර යවන ලද සහ වධහිංසාවලට හා වෙනත් ආකාරයේ අමානුෂික සැලකිලිවලට ලක්වූ බවට චෝදනා නැගෙන අනෙකුත් සියලුම රැඳවුම් මධ්‍යස්ථාන වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවස්ථාව ලබා දෙන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු” යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *