රජයේ රැකියාවකට යන්න හීන ඔයාට ආරංචියක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com

ඉදිරි තෙවසරක කාලය තුළ ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු සංඛ්‍යාව හතළිස් දහස දක්වා ඉහළ යා හැකි බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස මේ වසර තුළ නවක පොලිස් නිලධාරීන් දස දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇති අතර, ඒ සමඟ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් දස දහසක්ද පොලිසියට එක්කර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන ඇති බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

දැනට පොලිසියේ සේවය කරන්නේ නිලධාරීන් තිස් එක් දහසක පිරිසක් බවත්, කාර්යබහුලතාවය හේතුවෙන් මෙම හිඟය දැඩි බලපෑමක් ඇතිකර ඇති බවත් ඔහු පැවසීය.

තමන් විසින් සිදුකළ ක්ෂේත්‍ර අධ්‍යයනයකදී පොලිස් නිලධාරීන්ගේ වෘත්තියමය භාවය කඩා වැටීමට හේතු වූ කරුණු කිහිපයක් හඳුනාගත් බවත්, ඒ අතර මුදලට අල්ලසට හෝ දූෂණයට නැඹුරු වීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයට ඇබ්බැහි වීම, අනිසි හැසිරීම්, ජංගම දුරකථනවලට අධිකව ඇබ්බැහි වීම සහ ඔන්ලයින් සූදුවට යොමුවීම ප්‍රධාන බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේය.

මෙම හේතු මත මත්ද්‍රව්‍ය භාවිතය සහ විවිධ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් පන්සියයකට ආසන්න පිරිසකට මේ වනවිට විනය පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

ඒ සමඟම යහපත් අන්දමින් වගකීම් ඉටු කර දක්ෂ ලෙස රාජකාරි කළ නිලධාරීන්ගේ සේවය අගය කිරීම සඳහා රුපියල් මිලියන දෙදහස් දෙසීය පනහක මූල්‍ය ත්‍යාග පිරිනමා ඇති බවද පොලිස්පතිවරයා පැවසීය.

මෙම අදහස් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ 2026/01/04 වෙනිදා තඹුත්තේගම පහළගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති ආධුනික පොලිස් කොස්තාපල්වරුන් සහ කොස්තාපල් රියැදුරන් 315 දෙනෙකු විසිර යාමේ උත්සවයට සහභාගී වෙමින්ය.

Spread the love

One thought on “රජයේ රැකියාවකට යන්න හීන ඔයාට ආරංචියක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *