ලංකාවේ ලොකුම ලයම් පේළිය නිර්මාණය කර වාර්තාවක් පිහිටවූ රජයට උණුසුම් සුභ පැතුම්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් වැනසූ සහ පසුකාලීනව මත්ද්‍රව්‍ය ජාවාරම්වල මහා පරිමාණ තිත්පුළක් වන බවට අනතුරු හඟවන මුඩුක්කු ලයම්  පේළියට විරුද්ධව නුවරඑළියේ සිවිල් හා මානව හිමිකම් සංවිධාන රැසක් නීති මගට – නීති මගට යන්න එපා මම වගකීම බාරගන්නවා ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතිකයක් .

පසුගිය දින කිහිපය පුරාවට මාධ්‍ය අරහා අනාවරණයන් සිදුකළ ද නිල වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුමියට සිය විරෝධය ප්‍රකාශ කරමින් සන්දේශයක් භාර දුන් නමුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා සැලසුම් කර ඇති නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනය මධ්‍යයේ ඉදිවන ලයම් මුඩුක්කු නිවාස පේළියේ වැඩ තවදුරටත් සිදු වෙමින් පවතින පසුබිමක එම වැඩ කටයුතු වහා නවත්වන ලෙස ඉල්ලා නුවරඑළිය සුරැකීමේ සංවිධානය හා ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධක බලකාය නුවරඑළියේ සිවිල් සංවිධාන සියල්ල එකතු කරගනිමින් නීති මාර්ගයට ප්‍රවිෂ්ට වීමට නියමිත බව පවසයි ,

ඔහුන් මේ බව කියා සිටියේ (30) උදෑසන මාධ්‍ය වෙත සිය අතහස් ප්‍රකාශ කරමිනි ,

මෙහිදී නුවරඑළිය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් දිනේෂ් ලංකා ගීගනනේ , නාලක දිනේෂ් රත්නායක සහ ගයාන් චතුරංග විජයබණ්ඩාර අදහස් දැක්වූ අතර ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධක බලකාය නියෝජනය කරමින් එහි සභාපති සකුන්තිකා මැණිකේ සාමාජිකයන් වන තිළිණි රසාන්ධිකා , නෙළුම් වික්‍රමසිංහ සහ ප්‍රින්ස්ලි ඩේවිඩ් යන අයවලුන් අදහස් දැක්විය ,

මෙහිදි මූලිකව අදහස් දැක්වූ නුවර එළිය සුරැකීමේ සංවිධානය කියා කිටියේ දිස්ත්‍රික් ලේකම්වරිය වගකීම් විරහිතීම අදාල ඉදිකිරීම සිදුකරන ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කටයුතුවලින් තොර ප්‍රදේශයක් බවට සඳහන් කළද එම ක්‍රීඩාංගනය කෝටි පන්සීයකට ආසන්න මුදලක් වියදම් කරමින් දැනට පවතින ප්‍රධාන ක්‍රීඩාංගනයට වඩා ප්‍රමිතියෙන් යුතුව සකසපු ක්‍රීඩාංගනයක් ,

එම වටිනා ක්‍රීඩාංගනය විනාශ කරමින් අදාළ අනවසර හා නාගරික සැලැස්මට අනුකූල නොවන ලයම් ආකාරයේ මුඩුක්කු නිවාස පේලිය ඉදිකර ඇති බව චෝදනා කරයි ,

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය සුරැකීමේ සංවිධානයේ නිලධාරින්,

ඊයේ පෙරේද නුවරඑළියට රාජකාරියට ආපු දිස්ත්‍රික් ලේකම් තුමියට වඩා නුවරඑළිය රෝහලේ පෙකණි වල කැපපු නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරපු අපි දන්නවා ක්‍රීඩාංගණයේ ප්‍රමිතිය හා භාවිතා කරන හැටි ,

දැනට ප්‍රධාන ක්‍රීඩාංගණය හැටියට භාවිතා කරන කොටසට වඩා ඉතාම ප්‍රමිති සහගත විදිහට හිටපු ක්‍රීඩා අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ කාලයේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් වියදම් කරමින් ජලය ගලා යෑමට අවශ්‍ය සියලු පහසුකම් සකසමින් ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයකට ප්‍රමිතියන්ට අනුකූලව දැනට නිවාස ඉදිකර තිබෙන ක්‍රීඩාංගණයේ සංවර්ධනය කරලා තියෙන්නේ ,

ඊට පස්සේ ක්‍රීඩා ඇමති වශයෙන් පත්වෙච්ච නවින් දිසානායකගේ නොහැකියාව නිසා තමයි ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හදන්න ගෙනාපු බඩු ටික දිරාපත් උනේ ,

ප්‍රධාන ක්‍රීඩාංගණයේ විශේෂ වැඩසටහන් හා ක්‍රීඩා උත්සව පවත්වන අවස්ථාවලදී පාසල් වයසේ හා ඕනෑම වයස් තරාතිරම්වල ක්‍රීඩක ක්‍රිඩිකාවන් පුහුණු වන්නේ ඔය නිවාස කියලාකියල ලයමක් ඉදිකරලා තියෙන ක්‍රීඩා භූමි කොටසේ ,

අදට ආවත් එම කොටසේ ඉතිරි කොටසේ පාසක් ළමුන් හා ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා බලාගන්න පුළුවන් ,

ප්‍රධාන ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන ළමුන්ගේ බෝලයක් පහළට ආවනම් පහළ ක්‍රීඩාංගනයෙන් ඇහිදන් ගියා වෙනුවට දැන් වෙන්නේ ලයන් කාමරයක කුස්සියකින් හෝ කකුස්සියකින් බෝලෙ ඇහිදන් යන තත්ත්වයක් ,

ඒ ඔස්සේ ළමුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වෙනවා ක්‍රීඩා කටයුතුවල යෙදෙන පිරිමි ළමුන් වගේම ගැහැණු ළමුන්ට මේක ලොකු තර්ජනයක් ,

ගැහැණු ළමුන් ක්‍රීඩාවල යෙදෙනකොට බෝලෙ ඇවිදින්න තවත් එක්කෙනෙක් කුලියට අරන් එන්න වෙනවා ,

ඔය මුඩුක්කු වල ලයම් පේලිවල පදිංචි කරවන්න යන්නේ එච්චර හොඳ මිනිස්සු නෙමෙයි ,

ඒ මිනිස්සුන්ට ගෙයක් දෙනවට ජීවත් වෙන්න භූමියක් දෙනවට ඉන්න හිටින්න වහලයක් දෙනවට අපි කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ ඒ උනත් ඔවුන් වෙනුවෙන් වෙන් කරලා තියෙන අදාළ භූමිවල දෙන්න ඕන හැරෙන්න මේ වගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක මැද නෙවෙයි ,

ඔතන දෙන එකේ සංචාරක ආකර්ෂණයටත් දැඩි හානියක් සිද්ධ වෙනවා ඔය ඉතිරිව තියෙන ක්‍රීඩා භූමිය පුරාවට එයාට මෙයාට රෙදි වනන්න ගත්තහම හරිම අගයට තියෙයි ,

ලෝක ප්‍රසිද්ධ සංචාරක ලෝක සිතියම් වලට ළඟදි ඇතුළත් කරපු නුවරඑළිය ඇතුලත් කරපු වේගයෙන් ඉවත් කරන්නත් සමහර වෙලාවට කටයුතු කරයි මේ උදා වෙලා තියෙන තත්ත්වයත් එක්ක ,

අපි මේ දේවල් මාධ්‍ය හරහා අනාවරණය කරලත් බලධාරීන්ට මේක ගානක් නැත්තං මේ ක්‍රීඩාංගනය රැකගැනීමට වුවමනා නැත්නම් අපි මේක නීති මාර්ගයෙන් විසඳගන්න කටයුතු කරනවා ,

නුවරඑළිය සුරැකීමේ සංවිධානය වශයෙන් අපි ආරාධනා කරනවා නුවරඑළියේ සියලුම ජනතාවට නුවරඑළියේ උරුමයක් වන මහජන ක්‍රීඩාංගණයේ රැක ගැනීම සඳහා අපත් සමගින් පෙළ ගැහෙනලෙස ,

ඉන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ කාර්ය සාධක බලකායේ නිලධාරීන් කියා සිටියේ පසුකාලීනව නොයෙකුත් මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් බවට පත්වීමේ අවධානමක ඇති මුඩුක්කු සංස්කෘතිය ලයම්පේළිය වහාම ඉවත් කරන්නට අවශ්‍ය බැවින් නීතිමය කටයුතු සිදුකිරීමට තම සංවිධානයේ සහ සිවිල් සංවිධාන සියල්ල එකතු කර ගනිමින් කටයුතු කරන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ මානව හිමිකම් සංවිධානයට නිලධාරීන් කියා සිටියේ ,

දැනට වසර ගණනාවක් පුරාවට නාය යෑම් අවධානමින් පසුවෙන එම පිරිස වෙනුවෙන් නුවරඑළිය මහ නගර සභාව විසින් හයිලෑස් ඉඩම් කොටස සභා අනුමැතියකින් වෙන් කර තිබෙන පසුබිමක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් මැද තාවකාලික ඉදිකිරීමක් ලෙස පවසා සිදුකරන මෙම මුඩුක්කු සහ ලයම් කාමර පේළිය ඉදිකිරීම පිළිබඳ සිය විරෝධතාවය ප්‍රකාශ කරන බවය ,

තවද එහි පදිංචි කරන්නට බලාපොරොත්තු වන පුද්ගලයන්ගෙන් බහුතරයක්ම සතියට දෙපාරක් පොලිසිය යන අය ගැටුම් ඇති කරගෙන ,

නුවරඑළිය පොලිසියෙන් ඇහුවනම් කියයි ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු මොනවද කියලා වගේම ඔවුන් පොලිසියට යන්න හේතු මොනවාද කියලා ,

මෙවන් පිරිසක් ක්‍රීඩාංගනය මධ්‍යයේ කරවීමෙන් ක්‍රීඩාංගණයට පැමිණෙන පාසල් දරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි තර්ජනයක් එල්ල වෙනවා ,

පසුකාලීනව එම ස්ථානයේ විෂ මත්ද්‍රව්‍ය විකුණන ජාවාරම්කරුවන් බිහිවෙනවා කියන අනතුරු හැඟවීමත් අපට කරන්න වෙනවා ඒ පුද්ගලයන් පිළිබඳ හරිහැටි දන්නා නිසා ,

මේ හැම දෙයක් ගැනම දිස්ත්‍රික් ලේකම්තුමිය දැනුවත් කරලා දිස්ත්‍රික් ලේකම්තුමිය කියනවා නම් ඒ ක්‍රීඩාවට සම්බන්ධ තැනක් නෙමෙයි කියලා අපි ඒ ප්‍රකාශය තරයේ හෙලා දකිනවා ,

මේක විසඳන්න හරි විදිහට දිස්ත්‍රික් ලේකම්තුමිය මැදිහත් වෙච්ච නැති නිසා අපි මෙම ගැටලුවට විසඳුම් ලබාගෙන නීති මාර්ගයකට යන බව ඔවුන් පැවසීය ,

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රකීත අනංසූරිය මහතාගෙන් අප සිදු කළ විමසුම රෝ කියා සිටියේ මෙය තාවකාලික ඉදිකිරීමක් වන බැවින් වසර දෙකකින් ඒ ඉවත් කර දීමට තමන් සහතික වන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය ,

ආපදාවන්ට ලක්ව අවතන සිටින ජනතාවතාව වෙනුවෙන් නිවාස ඉදිකරන්න වතු අධිකාරියත් එක්ක කතා කරලා අවශ්‍ය ඉඩම් වෙන්කර ගැනීමේ කටයුතු මේ දිනවල සාර්ථකව සිදුවෙමින් පවතිනවා ,

එම ඉඩම් රජයේ අත්පත් කරගැනීමෙන් අනතුරුව ඔවුන්ට ස්ථිර නිවාස හදන්න රජයේ සැලසුම් කරනවා ,

එතකං තමයි මේ තාවකාලික ස්ථානවල අපි පදිංචි කරන්න කටයුතුු කරන්නේ ,

දැනට තාවකාලික ස්ථානවල පදිංචි කිරීමට බලාපොරොත්තු වෙන අය ඉන්නේ නුවරඑළියේ ගෘහස්ථ ක්‍රීඩාංගනය ඇතුලේ ,

එම ස්ථානය දීර්ඝ කාලයක් පදිංචි කරදීමට සුදුසු තැනක් නෙමෙයි මොකද සෞඛ්‍ය ගැටලු හා තවත් බොහෝ ගැටලු ඇතිවිය හැකියි ,

ඒ නිසා තමයි අපි මෙවන් වූ තාවකාලික ඉදිකිරීමක් තුළ ඒ මිනිස්සු පදිංචි කරන්න කටයුතු කළේ ,

මේ තීරණය ගත්තේ දිස්ත්‍රික් ආපදා කමිටුව මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට ඉඩම බාර උනාට මට තනි තීරණ ගන්න බැහැ කමිටුව ගන්න තීරණ වලට එකඟ වෙන්න වෙනවා ,

මම නුවර එළියේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන රජයක් විදිහට විදිහට භාර අරගෙන ස්ථිර ගොඩනැගිලිවල එම මිනිස්සු පදිංචි කරවලා අදාළ තාවකාලික ඉදිකිරීම කඩිනමින් ඉවත් කරන්න කටයුතු කරනවා කියලා .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *