වෙඩිතබා පලාගොස් සිටි අයෙක් STF වැටලීමකින් අත්අඩංගුවට

 

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

 

පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුර විසින් සිදුකළ වැටලීමකදී වෙඩිතබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත දමන පොලිස් වසමේ හිගුරාන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඉකුත් ජුලි 11වනදා හිරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක්ය.

ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් තිබි සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන හිගුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධයෙන් දමන හා හිරණ පොලිස් ස්ථාන සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *