ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිසමේ සාමාජිකයින් වෙත පත්වීම් ප්‍රදානය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ (25) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිණි.

ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ඊ.ඒ.ජී. ආර්. අමරසේකර මහතා පත් කර ඇති අතර, කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු එම්.ආර්.සී.ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ, පී.අයි.එස්. දේමුණිද සිල්වා, ජනාධිපති නීතිඥ, එෆ්.ජමීල්, ජනාධිපති නීතිඥ, නීල් ඩී.බී.උනම්ඹුවේ, ජනාධිපති නීතිඥ,ජී.එස්.ඒ. ශාන්ත ද සිල්වා, ආචාර්ය, සුනිල් ඩී.බී.අබේරත්න, ජනාධිපති නීතිඥ එච්.යූ. ප්‍රනාන්දු, පී.අයි.එස්.සමරසිංහ, ජනාධිපති නීතිඥ විරාන් කුරේ, ආර්. අමීන් සහ මහාචාර්ය ඩබ්ලිව්. සෙනෙවිරත්න යන මහත්ම මහත්මින් පත් කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනෙවිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1969 අංක 03 දරණ නීති කොමිෂන් සභා පනතේ 02 වන වගන්තියට අනුව 1969 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව ආරම්භ කරන ලද අතර, ජනාධිපතිතුමා විසින් වසර පහක කාලයක් සඳහා ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත් කරනු ලබයි.

අධිකරණ සහ ජාති

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *