පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය කඩිනමින් කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.
මෙම පෙත්සම් විභාගය සිදුකෙරුණේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මඟිනි

