කොකේන් කැප්සියුල සඟවාගෙන පැමිණි උගන්ඩා ජාතිකයෙකු කටුනායක දී දැලේ.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින් ඉකුත් දා (14) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) තම ශරීරය තුළ කොකේන් කැප්සියුල සඟවාගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ උගන්ඩා ජාතික 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වෘත්තියෙන් ගොවියෙකු වන මෙම සැකකරු උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පසුගිය 22 වනදා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ අනතුරුව කටාර් ගුවන් සේවයට අයත් QR 664 දරන ගුවන් යානයෙන් කොළඹ බලා පැමිණ ඇත.
රේගු නිලධාරීන් විසින් බුද්ධි තොරතුරු සහ අවදානම් විශ්ලේෂණ මත පදනම්ව මෙම ගුවන් මගියා වැඩිදුර පරීක්ෂාව සඳහා තෝරාගෙනසිදු කළ පරීක්ෂාවේදී සැකකරු විසින් ගිල දමා තම ශරීරය තුළ සඟවාගෙන තිබූ කොකේන් අඩංගු කැප්සියුල 13ක් සොයාගෙන ඇත.
එම කැප්සියුලවල අඩංගු මත්ද්‍රව්‍යවල මුළු දළ බර ග්‍රෑම් 161කට ආසන්න වන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 7.245ක් පමණ වේ.
සැකකරු විසින් තවත් මත්ද්‍රව්‍ය අඩංගු කැප්සියුල ගිල දමා ඇති බවට සැකයක් පවතින බැවින් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ නීතිමය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර
වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාරදීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර ඇත.

