ගැඹුරු මුහුදේ ගිලුණු නාවික යාත්‍රාව ගොඩගෙන නැවත කොළඹ ට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

මුර සංචාරයක නිරතව සිටියදී පසුගිය අගෝස්තු මාසයේ 15 වන දින මුහුදු බත් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අංක P 4447 දරන වේග ප්‍රහාරක යාත්‍රාව පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගමේ තාක්ෂණික හා විශේෂඥ ශිල්පීය දායකත්වය ද ලබා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසු සාර්ථකව ගොඩ ගෙන කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රය වෙත රැගෙන ඒමට කටයුතු කොට ඇත.

මෙම අනතුරින් එක් නාවික නිලධාරියෙකු මියගිය අතර 11 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැණුනි.

මුහුදු පත්ලේ අඩි 80 ක පමණ ගැඹුරක තිබූ මෙම යාත්‍රාව ගොඩගෙන කොළඹ ට රැගෙන ඒම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාර්ථක ජයග්‍රහණයත් සමග අවසන් විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *