නුවරඑළිය හග්ගල සීතා අම්මාන් කෝවිල ඉදිරිපිට පදික මාරුවේදී පුද්ගලයකු ත්‍රිරෝද රථයක ගැටෙයි : CCTV දර්ශනවල අනතුර සටහන් වෙයි.

***                                                                                                     13.09.2026                                                                    ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

වීඩියෝ – https://we.tl/t-Cc9fqLMruG6WS0GP

නුවරඑළියට හග්ගල සීතා අම්මාන් කෝවිල ඉදිරිපිට පදික මාරුවේදී පුද්ගලයකු ත්‍රිරෝද රථයක ගැටෙයි : CCTV දර්ශනවල අනතුර සටහන් වෙයි.

නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීතාඑළිය සීතා අම්මාන් කෝවිල ඉදිරිපිට පිහිටි පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ත්‍රිරෝද රථයක ගැටීමෙන් පසුගිය 11 වැනිදා සවස බරපතළ තුවාල ලබා තිබේ.

අනතුරට අදාළ CCTV දර්ශන මාර්ගය අසල පිහිටි වෙළෙඳසලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක පටිගත වී ඇත.

පදික මාරුව භාවිත කරමින් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කරන පුද්ගලයා ත්‍රිරෝද රථයේ ගැටෙන ආකාරය එම CCTV දර්ශනවල සටහන් වී ඇත.

අනතුරෙන් පසු ත්‍රිරෝද රථය එම ස්ථානයෙන් ධාවනය කර යන ආකාරයද දර්ශනවල ඇතුළත් වේ.

අදාළ ක්‍රීරෝද රථයේ සොයා මෙහෙයුම් නුවරඑළිය පොලිසිය විසින් මේ වන විට සිදුකරන අතර ත්‍රිරෝද රථ රියදුරුගේ දුරකථන අංකය විමර්ශන මගින් සොයා ගෙන අදාල රියදුරාට මේ වන විට නුවරඑළිය පොලිසියෙන් පණිවිඩ ලබා දී ඇති අතර හෙට (14) උදෑසන පොලිසියට පැමිණි බාර වන දෙස උපද්එස් ලබා දී ඇත ,

අනතුරට ලක්වූ  සිසුවා නුවරඑළිය දිස්ටික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර තරමක බරපතළ තුවාල සිදුව ඇති බව ප්‍රදේශවාසීන් හා රෝහල් ආරංචි මාර්ග පවසති.

එසේ අනතුරට ලක්ව ඇත්තේ හක්ගල ප්‍රදේශයේ පදිංචි ත්‍රිස් වොනිස් (වයස අවුරුදු 11) නම් වූ පාසල් දරුවෙකි .

රාමායණයට සම්බන්ධ ඓතිහාසික ස්ථානයක් වන සීතාඑළිය සීතා අම්මාන් කෝවිලට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විශාල පිරිසක් දිනපතා පැමිණෙන අතර, ඒ හේතුවෙන් නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මෙම ස්ථානය ආසන්නයේ වාහන ගමනාගමනයද සැලකිය යුතු මට්ටමක පවතී.

එමෙන්ම මෙම ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සහ රථවාහන තදබදය වැඩිවීමත් සමඟ කෝවිල ඉදිරිපිට පදික මාරුව භාවිත කරන ජනතාවට පවතින අවදානම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු අවධානය යොමු කරති.

පදික මාරුව භාවිත කරන ජනතාවට ආරක්ෂිතව මාර්ගය හරහා ගමන් කිරීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීම මෙන්ම රථවාහන නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමද අත්‍යවශ්‍ය බව ඔවුහු පවසති.

විශේෂයෙන් දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ගැවසෙන මෙම ස්ථානයේ මෙවැනි අනතුරු නැවත සිදුවීම වැළැක්වීම සඳහා නුවරඑළිය රථවාහන පොලිසිය සහ අදාළ මාර්ග බලධාරීන් කඩිනම් අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

පදික මාරුවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය මාර්ග සංඥා, රථවාහන පාලන ක්‍රම සහ අනෙකුත් ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *