සමාජ මාධ්‍ය වැරදි තොරතුරු මැඩපැවැත්වීමට නලින්ද ජයතිස්ස මෙටා සමඟ සාකච්ඡා
www.bbcmirror.lk
www.Lankawebnews.lk
සමාජ මාධ්‍ය වේදිකාවල වැරදි හා නොමඟ යවන තොරතුරු පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රායෝගික පියවර සොයා බැලීමේ අරමුණින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ මෙටා නියෝජිතයින් අතර 2026/03/18 වැන් දින විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී, ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කිරීම, අසත්‍ය හා නොමඟ යවන අන්තර්ගතයට එරෙහිව නිවැරදි තොරතුරු ප්‍රචාරය වැඩිදියුණු කිරීම සහ මාර්ගගත අන්තර්ගතයේ විශ්වසනීයත්වය උසස් කිරීම පිළිබඳ අවධානය යොමු කළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.
“රටම එකට” වැඩසටහනට සහාය දීමට මෙටා නියෝජිතයින් කැමැත්ත පළ කළ අතර, වැළැක්වීම, දැනුවත් කිරීම සහ නීති ක්‍රියාත්මක කිරීම ඇතුළත් සම්බන්ධීකරණ, බහු-ආංශික ප්‍රවේශයක් අවශ්‍ය බවද අවධාරණය කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා මෙටා සමාගම නියෝජනය කරමින් මධ්‍යම ආසියාව, මොන්ගෝලියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන අංශවල රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රධානී, දකුණු ආසියාව සඳහා මහජන ප්‍රතිපත්ති සහකාර කළමනාකරු , ආසියා පැසිෆික් ආරක්ෂක ප්‍රතිපත්ති ප්‍රධානී “රටම එකට” ජාතික මෙහෙයුම් කමිටුවේ සහ Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයන් එක්ව සිටියහ.

