සිනමා කර්මාන්තයේ නොවිසඳුන ගැටලුවලට ජනපතිගෙන් විසඳුම් BBCMirror.lk sfmnewslk.com

 

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින් දේශීය සිනමා කර්මාන්තය රැක ගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක් වෙමින්.

කර්මාන්තයක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම ගැටලු සියල්ලටම ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබා දෙන ලදී.

විශේෂයෙන් අගය එකතු කළ බද්ද (VAT) ගෙවීමේදී සිදු වී ඇති අක්‍රමිකතා සහ කර්මාන්තය පුළුල් කිරීමේදී පවතින සීමාවන් පිළිබඳ සිනමා පට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කරනු ලැබීය.

2025 වසරේදී සිනමාව කර්මාන්තයක් ලෙස ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා හිමි කර ගෙන ඇති බවත් එය අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා රජයේ සහාය ලබා දෙන ලෙසත් ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින ලදී.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සහ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර යන මහත්වරු රජය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් විය.

සිනමාපට බෙදා හරින්නන් සහ නිෂ්පාදකයින් නියෝජනය කරමින් ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක, ජානකී විජේරත්න (Lyca Productions), ජනිත් ප්‍රසන්න විතානගේ (JP Ceneplex-Kandy), තුෂාන් රනගන මීමනගේ (LFD), රුවිඳු ගුණරත්න (EAP), අනුර ජසෙන්තුලියන (Lite Cinema), ඉම්තියාස් කාදර් (CEL), ගංගා රතුවිතාන (Ceylon Theaters) සහ අනුෂ්ක එගොඩවත්ත (PVR) යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *