22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළව පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව ලබා දී තිබිණි.

ඒ අනුව ඊයේ (31) දක්වා පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාව පැවති අතර, පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ.

අදාළ සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බලපෑම් සිදුවන බවට චෝදනා කරමින් ඇතැම් පෙත්සම් ගොනු කර ඇති අතර, එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

තවද, පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටද ඇතැම් පෙත්සම් මඟින් ඉල්ලා තිබේ.

පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් ඊයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කරනු ලැබීය.

ඒ අනුව අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාට අමතරව අචල වෙන්ගප්පුලි මහතා අර්ජුන ඔබේසේකර මහතා සම්පත් අබේකෝන් මහතා සහ ගිහාන් කුලතුංග මහතා වන විනිසුරුවරුන් එම මඬුල්ලට ඇතුළත් වේ.

අදාළ පෙත්සම් අද පෙරවරු 10.00 සිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *