කෙහෙළියට එරෙහි බාල එන්නත් නඩුව අද කැඳවයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද (11) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා සලකා බැලූ මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන විනිසුරු මඬුල්ල අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඉකුත් 7 වැනිදා නියෝගය කළා.

ඒ සියලුම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිත යි.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙන් ම හිටපු කැබිනට් ඇමතිවරුන් සිව් දෙනකු ද නම් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *