තායිලන්තය සහ කාම්බෝජය අතර ගැටුම නිරාකරණයට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

තයිලන්තය හා
මැලේසියාවේදී සාකච්ඡා
දින හතරක් පුරා පැවති දේශසීමා ගැටුම අවසන් කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා හෙට (28) දින මැලේසියාවේදී හමුවීමට, තායිලන්තය සහ කාම්බෝජය එකඟත්වය පළකර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ දින දෙරටේම නායකයින් සමඟ සාකච්ඡා කර, වහාම සටන් විරාමයක් ඉල්ලා සිටීමෙන් පසුව තායිලන්තය අද ප්‍රකාශ කළේ, වැඩබලන අගමැති Phumtham Wechayachay ප්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වන බවයි.

ඒ අනුව කාම්බෝජ අග්‍රාමාත්‍ය, Hun Manet ද සහභාගී වන බව මැලේසියාව දැනුම් දී ඇති බව තායි රජය සඳහන් කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, දේශසීමා සටන් ඇවිලීමෙන් පසු මේ වන විට සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 33 දෙනෙකු මියගොස් ඇති අතර, තායි සහ කාම්බෝජ ජාතිකයින් දහස් ගණනක් අවතැන් වී ඇති බවයි.

ට්‍රම්ප්ගේ මැදිහත්වීම :

ස්කොට්ලන්තයේ පිහිටි සිය ගොල්ෆ් ක්‍රීඩාංගණ වෙත පුද්ගලික සංචාරයක යෙදී සිටියදී, ට්‍රම්ප් Truth Social හි සඳහන් කර තිබුණේ “දෙරටම වහාම හමු වී ඉක්මනින් සටන් විරාමයක් සහ අවසාන වශයෙන් සාමය ඇති කර ගැනීමට එකඟ වී ඇත!” යනුවෙනි.

ගැටුම් නතර කිරීම උදෙසා ට්‍රම්ප්ගේ උත්සාහය වෙනුවෙන් දෙරටම ස්තුතිවන්ත වී තිබූ නමුත්, අද අලුයම දක්වාම ෂෙල් ප්‍රහාර පැවති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් කාම්බෝජය සටන් විරාමයක් සඳහා ඔහුගේ ඉල්ලීම පිළිගෙන තිබූ අතර, තායිලන්තය දෙරට අතර සංවාදයක අවශ්‍යතාවය අවධාරණය කර තිබිණ.

මේ අතර වෙළඳ සාකච්ඡා පිළිබඳව සඳහන් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, සටන් නතර වන තුරු සාකච්ඡා පැවැත්වීම සුදුසු නොවන බවත්, කාම්බෝජය සහ තායිලන්තය සමඟ වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තමන් අපේක්ෂා කරන බවත්ය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *